කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම online හරහා පමණයි

Published in පුවත්
Monday, 26 February 2024 07:27

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවය.

එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සේවා 1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වෙයි.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහතින්,

වයස අවුරුදු 18 - 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම,

උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම,

ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ.

විභාග ප්‍රවේශපත්‍රය සම්පූර්ණ කිරීමට ප්‍රථම සෑම අයදුම්කරුවෙකුම, ඉදිරියට අවම මාස 03 ක වලංගු කාලයක් සහිත තම ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව ස්කෑන් කර (1MB විය යුතුය) ගෙන සිටිය යුතු වන අතර මාස 03ක් ඇතුළත ලබාගත් 3.5 cm * 4.5 cm ප්‍රමාණය සුදු පැහැති පසුබිම සහිත පැහැදිළි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් (JPG විය යුතුය) සූදානම් කරගෙන සිටිය යුතුවෙයි.

විභාග ප්‍රවේශ ගාස්තුව - ඇමරිකානු ඩොලර් 28 ට සමාන මුදල (රු 8,887/- ) ජාතික ඉතිරිකිරිමේ බැංකුව, ලංකා බැංකුව, හෝ මහජන බැංකුවට ගෙවා අදාළ රිසිට්පත අයදුම්පත්‍රය සමග උඩුගත කිරිම අනිවාර්ය බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us