යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ කෝවිල් 07කට අවසර  

Published in පුවත්
Sunday, 25 February 2024 16:30

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍, වාසවිලාන් නාග කෝවිල‍, පලාලි රාජ රාජේශ්වරී කෝවිල‍, පලාලි නාග තම්පිලාන් කෝවිල‍, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවි යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල්ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (23) දින ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත දැනුම්දී තිබුණද ඒ සඳහා සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි. එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍ සහ වාසවිලාන් නාග කෝවිල‍ යන කෝවිල් හතරට පමණි.

මෙලෙස පූජාවන් සඳහා එක්වූ පිරිසට අවශ්‍ය සෞඛ්‍යය‍, ප්‍රවාහන‍, සනීපාරක්ෂක ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණු අතර මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාද එක්ව සිටියේය.

jaffna temple1jaffna temple2jaffna temple3

(දිලංක ගුණතිලක)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us