ලාදුරු තුරන් කරන්න ලබන මාසයේදී WHO විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

Published in පුවත්
Wednesday, 21 February 2024 08:47

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ, ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවය.

ලාදුරු මර්දන ව්‍යාපාරය මේ වනවිට ලංකාවේ ලාදුරු තුරන් කිරීම සඳහා විදිමත් වැඩසටහනක් දියත්කරගෙන යන බවත් , එයට හේතුව ලාදුරු රෝගීන් සොයා ගැනීම ගිය වසරට වඩා 10%කින් පමණ මේ වසරේ වැඩි වී තිබීම බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රසාද් රණවීර ,

පවතින තත්වය මත එයට සහයෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අපි දැනුම්දීලා තියෙනවා මාර්තු මාසය තුළදී ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අපේ රටට එවනවා කියලා. ඉදිරි වසර 10 තුළ ලාදුරු තුරන් කිරීම සඳහා මාර්ග සිතියමක් සැකසීම සඳහා ඔවුන් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. අපි එය සාධරයෙන් පිළිගත්තා. දැන් ලාදුරු තුරන් කිරීමට එක් එක් නිර්ණායක තියෙනවා. ඒවා අපිට කවදාවත් එකවර කරලා ලංකාවේ ලාදුරු තුරන් කරන්න බෑ. ඒ නිසා ලාදුරු ප්‍රදේශ අනුව කලාප වශයෙන් ඒක ලබාගන්න වෙනවා. විශේෂඥවරු සමග තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us