මේ අනුව නැවතත් ඉන්දියානු ලොකු ළූණු මෙරටට ගෙන්වීමට අවස්ථාව සැලසෙන අතර ඒ අනුව මිල ගණන්ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සීමිත තොග ප්රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල රජයන් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කිරීමට තීරණය කර ඇති අතර ලොකුළූණු අපනයනය කිරීම නවතාලීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර නොමැත.
මේ අනුව ශ්රී ලංකාව හැරුණු විට බංග්ලාදේශය, මොරිෂස්, බහරේන්, බූටානය සහ නේපාලය යන රටවලට නැවතත් ලොකු ළූණු තොග යැවීමට නියමිතය.
ලෝකයේ දෙවැනි විශාලම ලොකු ළූණු අපනයනකරු වන ඉන්දියාව 2023 දෙසැම්බර් මස සිට 2024 මාර්තු දක්වා අපනයනය කිරීම නවතාලීය.
-P.M