මෙරට විදුලි බලයට ජපානයත් අත දෙයි  

Published in පුවත්
Wednesday, 14 February 2024 14:34

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

අමාත්‍යවරයා පැවසුවේ මෙරට විදුලිබල  ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා මහගු දායකත්වයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දෙන බවත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සඳහා ද ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද දෙන බවය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය  පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය දෙන බව ද අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us