රට හදපු අය හොරු වෙලා, කයිවාරුකාරයන් වීරයන් වෙලා - මහින්ද

Published in පුවත්
Tuesday, 13 February 2024 10:36

මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරවලට පසු උමාඔය ව්‍යාපෘතිය මෙරට තුළ විශාලතම ජල විදුලි බලාගාරවලින් එකක් වනු ඇති බවත් ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇති බවත්ය.

ඒ අනුව මේ පිළිබඳ විශේෂ අදහස් පළ කිරීමක් සිදු කරමින් රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කර සිටී.

දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුණත් කිසිදු ආණ්ඩුවකට මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධුරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ පාර්ශ්ව මේ ජයග්‍රහණ හෑල්ලුවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයථා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත.

මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයන් අතර මැලිකමක් ඇතිවීම වැළැක්විය නොහැක.

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙය වන බැවින්, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ අදාල ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් අද අපිට උදාවී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us