රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක්

Published in පුවත්
Tuesday, 13 February 2024 10:15

රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් බෝග වර්ග 06ක් සඳහා නොමිලයේ කෘෂි රක්ෂණ ආවරණයක් ලබා දී තිබේ. වී, මිරිස්, ලොකුලූනු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා එම බෝග වර්ගයි.

මෙම රක්ෂණාවරණය ලබා දී තිබෙන්නේ වන අලින්ගෙන් සිදුවන වගා හානි, නියඟය සහ අධික වැස්ස හේතුවෙන් ඇතිවන වගා හානි සඳහා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රතුලූනු වගාවේදී ඉහත කී කරුණු අනුව වගා හානි සිදු වන්නේ නම්, එම ගොවීන්ට ද නොමිලයේ වන්දි මුදලක් ලබා දීම සඳහා වගා රක්ෂණ බෝග අතරට රතුලූනු වගාව ද එකතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us