ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු - ජනපති

Published in පුවත්
Friday, 09 February 2024 21:02

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුවේ 7 වන සමුළුව අද සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වන්නේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් යන අයවලුන් ඉන්දියන් සාගර ආශ්‍රිත රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙන්ම ඉන්දීය පදනමේ සභාපති රාම් මාධව්  ඇතුළු නියෝජිතයන් සමුළුවට එක්ව සිටී.

සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවයි. එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් විය නොහැකි බැවින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.


ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,


7 වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගිවීම සඳහා පර්ත් නුවරට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වගේම අප සියලුදෙනා වෙත ලබා දෙන ආගන්තුක සත්කාර වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයට මම ස්තුතිවන්ත වෙනවා.
එමෙන්ම මෙම සමුළුව සංවිධානය කිරීම පිළිබඳ මම ඉන්දියානු පදනමට ස්තූතිවන්ත වෙනවා.
"ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා" යන්න මෙවර සමුළුවේ තේමාවයි. එය මේ අවස්ථාවේ කාලෝචිත සහ යෝග්‍ය තේමාවක් බව කිව යුතුයි.
ඉන්දියන් සාගරය සහ දකුණු පැසිෆික් සාගරය යන දෙකටම මායිම්ව ඕස්ට්‍රේලියානු මහාද්වීපය පිහිටා තිබීම ඉතා සුවිශේෂී වෙනවා. ඒ වගේම පර්ත් නගරය ඉතිහාසයේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු සබඳතා වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
දෙවන ලෝක සංග්‍රාමයේදී රාජකීය කැනේඩියානු ගුවන් හමුදාව සහ කැටලිනා පියාසර බෝට්ටු, ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය සහ ශ්‍රී ලංකාවේ කොග්ගල ගුවන් කඳවුර සම්බන්ධ කරමින් ඉන්දියන් සාගරය හරහා ගමන් කළා.
ඉන්දියානු උප මහද්වීපය සහ ඕස්ට්‍රේලියාව අතර ඇති එකම ගුවන් සම්බන්ධතාව “හිරු උදාවන් ද්විත්වයක් දකින පියාසැරි” (flights of the double sunrise) ලෙස හැඳින්වූ අතර, එය දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයන් සඳහා තීරණාත්මක ගුවන් ගමන් වෙනුවෙන් සංඥා සබඳතා රහිතව පැය 32ක් දක්වා නොනවතින ගුවන් සංචාර ක්‍රියාත්මක කළා.
1942 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දියන් සාගරයට, විශේෂයෙන් ලංකාවට එල්ල වූ ජපන් ප්‍රහාර යුද්ධයේ භයානකම අවස්ථාව ලෙස, වින්ස්ටන් චර්චිල් විසින් සඳහන් කළ අතර ඒ මඟින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දියන් සාගරයේ වැදගත්කම පෙන්වා දුන්නා.
බ්‍රිතාන්‍ය නාවික ප්‍රහාරක යාත්‍රාවලට ජපාන ජාතිකයන් ප්‍රහාර එල්ල කර ගිල්වා දැමුවා මිස වෙනත් සරල කාරණයක් හේතුවෙන් ඉන්දීය සාගරය තුළ නාවික ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල නොවූ බව ආචාර්ය බාලක්‍රිෂ්ණන් මහතා සමඟ කතා කරමින් සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළා.

ඒ වගේම ඔබලා සිදුකරන සාකච්ඡා සඳහා වැදගත් වනු ඇතැයි මා සිතන වැදගත් ප්‍රවණතා කිහිපයක් පිළිබඳ සඳහන් කිරීමට මම කැමතියි.
පළමුව, ඓතිහාසික පසුබිම පිළිබඳ සඳහන් කළහොත් ඉන්දියන් සාගරය බහු ධ්‍රැවීය වන අතර එය තනි බලයක ආධිපත්‍යයට එරෙහි වී තිබෙනවා. මෙම බහු ධ්‍රැවීයතාව ඉන්දියන් සාගර කලාපයේ සහ එහි ජනතාවගේ සාරය පිළිබිඹු කරනවා.
ආසියාව යටත්විජිතවාදයෙන් මිදෙන අවස්ථාවේ ආසියාවේ අලුතින් ස්වාධීන රටවල් වූ එනම්, ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බුරුමය සහ පාකිස්තානය යන රටවල් එක්ව 1955 දී යටත්විජිතවාදයට සියලුම ආකාරවලින් විරුද්ධ වීමේ අරමුණින් බැන්ඩුන්ග් සමුළුව කැඳවනු ලැබුවා. මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලට විරුද්ධ වීමේ මෙම සමුළුවේ ප්‍රකාශය අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නිර්මාණය කළා.
එතැන් සිට ඉන්දියානු සාගර කලාපය බැන්ඩුන්ග් ප්‍රකාශය මත පිහිටා කටයුතු කරනු ලැබුවා. එය කිසිදිනෙක දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියා - පැසිෆික් කලාපය තුළ එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද සන්ධාන ජාලයේ (US Hub and Spoke System) කොටසක් වී නැහැ.
පසුගිය දශක දෙක තුළ ඉන්දියානු සාගර කලාපයේ රටවල විවිධ රාමු බිහිවීම සහ විවිධ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්, නැඹුරුතා සහ රාමු සකස් කරමින් සිදුවන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් රැල්ලක් දැකගැනීමට හැකි වුණා.එමගින් කිසිදු තනි, පරමාදර්ශී භූ දේශපාලන ව්‍යුහයක් මතු වී නැති බව පැහැදිලිව පෙනෙන අතර, ඒ වෙනුවට අපට ඉතිරිව ඇත්තේ විවිධ අර්ථ නිරූපණයන් සහිත මතභේදාත්මක දර්ශනයකි.
මෙසේ මතුවී ඇති ප්‍රධාන රාමුවලට අමතරව ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA), ඉන්දු - පැසිෆික් (Indo-Pacific), එක් තීරයක් - එක් මාවතක් වැඩසටහන (BRI), පංච බල ආරක්ෂක ගිවිසුම, ක්වාඩ් (QUAD) සහ බ්‍රික්ස් (BRICS) යන සංවිධාන ද ඊට ඇතුළත් වෙනවා.
ආසියාන් කලාපීය සංසදය (ASEAN Regional Forum), ආසියානු සහයෝගීතා සංවාදය (ACD), බිම්ස්ටෙක් (BIMSTEC), සාර්ක් (SAARC), ගල්ෆ් සහයෝගිතා සභාව (GCC), අරාබි ලීගය, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (OIC), දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC), නැඟෙනහිර අප්‍රිකානු ප්‍රජාව (EAC) සහ ෂැංග්හායි සහයෝගීතා සංවිධානය (SCO) ඇතුළු කලාපීය සංවිධාන ද පිහිටුවා තිබෙනවා.
ඊට අමතරව, අපට ආසියාවේ මුහුදු කොල්ලකෑම් හා සන්නද්ධ මංකොල්ලකෑම්වලට එරෙහිව සටන් කිරීමේ කලාපීය සහයෝගීතා ගිවිසුම (ReCAAP), ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණය (IONS), ජිබුටි චර්යාධර්ම සංග්‍රහය (Djibouti Code of Conduct), ඉන්දියානු සාගරයේ ටූනා කොමිෂන් සභාව (IOTC), ඉන්දියානු සාගර කොමිෂන් සභාව (IOC), MASE, කලාපීය තොරතුරු සම්මිශ්‍රණ මධ්‍යස්ථාන හතරක් (සිංගප්පූරුව, ඉන්දියාව, සීෂෙල්ස් හා මැඩගස්කරය) සහ සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු කොල්ලකෑම් පිළිබඳ සම්බන්ධතා කණ්ඩායම (CGPCS) ඇතුළු විශේෂිත සහයෝගීතා ක්ෂේත්‍රයන් සම්බන්ධ මෙහෙයුම් විධිවිධාන තිබෙනවා.
මෙම රාමු සහ කණ්ඩායම් සමඟින්, බල තුලනය සහ සන්ධාන නැවත අර්ථකථනය කරනු ලබන ඉන්දියානු සාගරයේ මිලිටරිකරණයෙහි වැඩි වීමක් ද අපට දක්නට ලැබෙනවා.
සමුද්‍රීය අභ්‍යවකාශය තුළ ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ චීනය සමඟ නාවික ක්‍රියාකාරකම්වල ගොඩ නැගීමක් අපට දක්නට ලැබෙනවා.

එබැවින් මහා බලවතුන් අතර සමබරතාව පවත්වා ගැනීම වඩ වඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත්වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුදුබඩ රාජ්‍යයන් සඳහා උපායශීලී වීම සඳහා පවතින ඉඩකඩ වේගයෙන් අඩු වෙමින් පවතින අතර ඉන්දියානු සාගර කලාපයේ මෙම එදිරිවාදිකම් තීව්‍ර වෙමින් දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීම දක්වා එය විහිද යනවා.
එක් දෙයක් වෙනුවට තවත් දෙයක් තෝරා ගැනීමේ ප්‍රශ්නය, නිරන්තරයෙන් අප වෙත පවතිනවා. දෙවනුව, භූ-දේශපාලනික වර්ධනයන් නිසා බටහිර ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම වසර හතරකට පෙර නොසිතූ ලෙස වැඩි වී තිබෙනවා. මේ නිසා භූ දේශපාලන අවධානය ඉන්දියානු සාගරය දෙසට යොමු වෙනවා.
යුක්රේන යුද්ධය සහ රුසියාවට එරෙහිව බටහිර විසින් පැනවූ සම්බාධක නිසා චීනයේ සහ බටහිර ඉන්දියානු සාගරයේ සම්පත්වලින් පොහොසත් ආර්ථිකයන් තුළ නව වෙළෙඳපොළවල් සොයා ගැනීමට හේතු වී තිබෙනවා.
උදාහරණයක් වශයෙන් රුසියානු බොරතෙල් පිරිපහදු කරනු ලබන්නේ ගල්ෆ් කලාපයේ පිරිපහදුවලයි. ලන්ඩන්හි පැවති ඒකාධිකාරීන්ගේ මූල්‍ය මධ්‍යස්ථානය ඩුබායි වෙත විතැන්ව තිබෙනවා.
රුසියාව ඉරානය සමග සමීප මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන තිබෙන අතර එය ඩ්‍රෝන් යානා සපයන වැදගත් මූලාශ්‍රයක් වෙනවා.
රුසියාව මියන්මාරය සහ දකුණු අප්‍රිකාව ඇතුළු ඉන්දියානු සාගරයේ රටවල් සමඟ නාවික අභ්‍යාස සිදු කරනවා.
ඉරානය සහ සෞදි අරාබිය අතර විරසකය සුව කිරීමට චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර තිබෙනවා. ඉරානය සහ එහි මිත්‍ර රටවල් බටහිර ආසියාවේ වැදගත් සක්‍රිය රටවල් බවට පත්ව තිබෙනවා.
ෂැංහායි සහයෝගිතා සංවිධානය එහි සාමාජිකයන් ලෙස ඉන්දියාව, පාකිස්තානය සහ ඉරානය සිටින නිසා එහි පිටත සීමාවන් ලෙස බටහිර ඉන්දීය සාගරය පවතිනවා.
ගාසා යුද්ධයට සහාය දීමේදී එක්සත් ජනපදයේ අවවාදාත්මක විනිශ්චය එහි බලපෑම අඩු කරනවා.
ඉන්දියානු සාගරයේ ඉස්ලාමීය ආරුක්කුව බිහි කළ රටවල් අතර ඇති සතුරුකම, ඇමරිකා එක්සත් ජනපදය සහ මිත්‍රශීලී රජයන් අතර සමීප සබඳතාවයක් ඇතිවීම කෙටි කළකට වළක්වනු ඇත. රුසියානු, චීන සහ ඉරාන උපාය මාර්ග සාර්ථකව එක්සත් ජනපද ආධිපත්‍යයට පහරදෙමින් සිටින අතර එමඟින් එක්සත් ජනපදය තවදුරටත් දුර්වල කරයි.
එබැවින් ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය සඳහා වසර 5ක් ඇතුළත ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා යුද්ධය ඉක්මනින් අවසන් කිරීම අවශ්‍ය වෙනවා.
තෙවනුව, යේමනය පදනම් කරගත් හූති කැරලිකරුවන් විසින් වාණිජ යාත්‍රාවලට මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර 'නාවික ගමනාගමනයේ නිදහසට' අභියෝගයක් වෙනවා. අප සූවස් ඇල, රතු මුහුද, බබ්-එල්-මැන්ඩෙබ් සහ ඒඩන් බොක්ක සඳහා ප්‍රවේශ වීම සහ ඒ හරහා ගමනාගමනය සහතික කළ යුතුයි.
ඊට අමතරව, අපට නැවත වරක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තවදුරටත් මුහුණ දීමට සිදුව තිබෙනවා. මුහුද යට කේබල්වල ආරක්ෂාව සහ වැදගත් යටිතල පහසුකම් ද තර්ජනයන්ට ලක්ව තිබෙනවා.
ඉන්දියානු සාගරය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඉහළ ගොස් තිබෙනවා. නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම තවමත් සිදු වෙනවා.මෙම තර්ජන නාවික ගමනාගමනයේ නිදහසට අභියෝග එල්ල කරනවා.

ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව අප නැවත අවධානය යොමු කළ යුතු අතර ඉන්දියන් සාගරයට අයත් රටවල නිදහස පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙනවා.
සිවුවැනි කාරණය වන්නේ සම්බන්ධතාව පුළුල් කිරීමයි. 2050 වසර වන විට ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් ඉහළ යනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා. දකුණු සහ බටහිර ආසියාවේ අනෙකුත් සමහර රටවල ද මෙවැනිම වර්ධනයක් සිදු විය හැකි බව අපේක්ෂා කෙරෙනවා. මේ නිසා අතිරේක වරාය ධාරිතාවන් මෙන්ම නව ප්‍රවාහන මාර්ග ද අවශ්‍ය වෙනවා.සූවස් ඇළ ද ප්‍රමාණවත් නොවනු ඇතියි. මේ නිසා ඉන්දියාවේ නව සම්බන්ධතා මුලපිරීම් ද්විත්වය පිළිබඳ අප සතුටු වෙනවා.
පළමුවැන්න, ඉන්දියාවේ මුම්බායි සිට ඉරානය හරහා රුසියාව දක්වා යන තීරය සහ ඉන්දියාවේ මුම්බායි සිට මැදපෙරදිග හරහා යුරෝපය දක්වා යන තීරයයි. මීට සමානව, බෙංගාල බොක්ක ආශ්‍රිතව ද සම්බන්ධතා මුලපිරීම් සිදුවෙමින් පවතිනවා. බටහිර චීනයට ප්‍ර‍වේශ වීමේ අවකාශය සලසමින් චොන්ග්ක්විංග් සහ ක්‍යවුක්ෆියු දක්වා දිවෙන තීරයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.
ක්‍රාහ් ගොඩබිම් පාලම හරහා සියම් බොක්ක සහ බෙංගාල බොක්ක අතර සම්බන්ධතාව ඇති කිරීමට තායිලන්තය සැලසුම් කරමින් සිටිනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාවට කොළඹ සහ ත්‍රිකුණාමල වරායන් සමඟ සම්බන්ධ විය හැකි වන අයුරින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා රටවල් දෙක අතර ගොඩබිම් සම්බන්ධතාවය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන ආරම්භ කර තිබෙනවා.
මෙම වසරේ ඉන්දියානු සාගර සමුළුවේ තේමාව බවට පත් වී ඇති " වඩාත් ස්ථාවර හා තිරසාර ඉන්දියානු සාගරයක් කරා" යන්න අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඉස්මතු කරනවා.
මා පෙර විස්තර කළ ආකාරයට , ප්‍රධාන වශයෙන් කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. ඒ හා සමානව බරපතළ, වඩාත් කඩිනමින් විසඳුම් සෙවිය හැකි කාරණයක් බවට දේශගුණික අර්බුදය පත්ව තිබෙනවා.
ඉන්දියන් සාගරය ලොව පුරා අනෙකුත් සාගරවලට වඩා ඉහළ වේගයකින් උණුසුම් වෙමින් පවතින බව විශේෂඥයන් අනාවරණය කර තිබෙනවා. එම තත්ත්වය පැසිෆික් සාගරයට වඩා තුන් ගුණයකින් වැඩි වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.ඒ අනුව ඉන්දියානු සාගර කලාපය පුරා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යන අතර දරුණු වෙරළ ඛාදනයකට ලක්විය හැකියි.
ඉන්දියන් සාගරයේ ජල මට්ටමද වාර්ෂිකව මිලිමීටර් 3.7ක මට්ටමකින් ඉහළ යමින් පවතින අතර එමඟින් ඇතිවන මුහුදු විපත් වැළැක්විය නොහැකි වනු ඇතියි.ඉන්දියානු සාගර කලාපයෙහි පවතින දූපත් රාජ්‍යයන් අවදානමට ලක්විය හැකි අතර දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා එම රාජ්‍යයන්ට ප්‍රමාණවත් සම්පත් සැපයිය යුතු වෙනවා.
මුහුදේ සිදුවන වෙනස්වීම් මෝසම් සංවහන රටා කෙරෙහි ද බලපාන අතර ඉන්දියන් සාගර කලාපය තුළ පවතින කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ද බලපානු ලබනවා.
එක් අතකින් ඒවා ජෛව විවිධත්වය කෙරෙහි ද අනෙක් අතට මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ආහාර සහ ජීවනෝපාය කෙරෙහි ද බලපානවා.
ඉන්දියන් සාගරය පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ද අවස්ථා නිර්මාණය කර තිබෙනවා. කාබන් සඳහා අපගේ විශාලතම අවශෝෂක ප්‍රදේශය ලෙස පමණක් නොව, එය වෙරළබඩ සුළං, සූර්ය සහ තරංග ශක්තිය හරහා දේශගුණික අර්බුදය අවම කිරීමේ හැකියාව ද සපයනවා.

මුහුදු පැලෑටි වගාව සහ කඩොලාන වගාව තුළින් අපට කාබන් අවශෝෂණය වැඩි කළ හැකියි. සාගරය අපගේ අනාගතය නිර්මාණය කරන බැවින් අපගේ සාගර සම්පත් තිරසාර ලෙස ප්‍රයෝජනයට ගැනීම අපගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වෙනවා.

COP 28 හි දී ශ්‍රී ලංකාව ප්‍රධාන මුලපිරීම් තුනක් යෝජනා කළා. ඉන්දියන් සාගරය ද ඇතුළත් වන නිවර්තන කලාපීය මුලපිරීම, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ දේශගුණික යුක්ති සංසදය එම යෝජනා 03යි.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා.

දේශගුණික යුක්ති සංසදය මගින් හානි හා පාඩු සඳහා මූල්‍යකරණය වේගවත් කිරීම අරමුණු කරන අතර සමස්ත විසඳුමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ණය සාධාරණත්වය ඇතුළත් වෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම් සහ අනුවර්තන මැදිහත්වීම් සඳහා වන ඕනෑම යෝජනාවකදී දේශගුණික අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ණය සංරචකය සැලකිල්ලට ගත යුතුයි.

අද අප සියලුදෙනා ජීවත් වන්නේ අවිනිශ්චිත කාලයකයි.දෙවන ලෝක සංග්‍රාමයේ සහ සීතල යුද්ධයේ අවසානයේ සිට අප විසින් ලබාගෙන තිබූ ස්ථාවරත්වය බිඳවැටෙමින් තිබෙනවා. බහුපාර්ශ්විකත්වය මෙන්ම ගෝලීයකරණයද අභියෝගයට ලක්ව තිබෙනවා.

දේශගුණික අර්බුදය ලොව පුරා වෙළෙඳාම සහ ආර්ථික සංවර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට බලපානවා.එය ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය, සැපයුම් දාම, ජෛව විවිධත්වය සහ සමුද්‍රීය ප්‍රවාහනයට ද බලපානවා.

එක් පසෙකින් ගෝලීය වර්ධනයන් අපගේ ඉරණම තීරණය කරන තෙක් බලා සිටිය හැකියි. නැතහොත් අපට අපගේම ගමන් මඟ සකස් කර ගැනීමට හැකියාව පවතිනවා.ඉන්දියන් සාගරය භාවිතා කරන්නන් අතර විශ්වාසය සහ පුරෝකථනය කිරීමේ හැකියාව ගොඩනැගීම මෙන්ම සාගර තත්ත්වය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මගින් ආරක්ෂිත සාගර පරිසරයක් නිර්මාණය කිරීම ඉන්දියන් සාගරයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙනවා.මෙම වැදගත් කාර්යය භාර ගත හැකි ප්‍රධාන වේදිකාව වන්නේ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) යි.
සාමකාමී සහ ආරක්‍ෂිත ඉන්දියන් සාගරයක් සහතික කිරීම, වෙරළබඩ සහ මුහුදුබඩ රාජ්‍යයන්වල ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සඳහා සාගර තිරසර ලෙස භාවිතා කිරීමට පහසුකම් සපයනවා.
එමෙන්ම ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳාගැනීමට හැකි පුළුල් සැලැස්මක් අවශ්‍ය වෙනවා.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (1982) සහ ජාතික අධිකරණ බලයෙන් පිටත හෝ විවෘත සාගර ගිවිසුමෙන් පිටත සාගරයේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා තිරසරව භාවිතා කිරීම පිළිබඳ 2023 දී සම්මත කරන ලද ගිවිසුම (BBNJ) ඇතුළුව එවැනි ව්‍යුහයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන පදනම දැනටමත් පවතිනවා.
නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය වෙනවා.

මෙම පියවර ඉන්දියානු සාගර කලාපය සඳහා පුළුල් කලාපීය සැලැස්මක් නිර්මාණය කිරීමට පරිවර්තනය කර ඇති බව සහතික කිරීම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි වෙනවා.
ඒ වගකීම අප සතුව පවතිනවා
ස්තූතියි!

Leave a comment

 

ld add copy

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us