07 වන ඉන්දීය සාගර සමුළුවට අද ජනපති එක්වෙයි, ප්‍රධාන දේශනයත් රනිල්ට

Published in පුවත්
Friday, 09 February 2024 10:11

07 වන ඉන්දීය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දියා පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ මෙවර සමුළුව අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවය.

ඒ අනුව ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙවර 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුළුවේදී සිදුකරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතව තිබේ.

02 වන ඉන්දීය සාගර සමුළුව 2017 වසරේ එවකට අග්‍රාමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙරටදී පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අතර රනිල් වික්‍රමසිංහ පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

මේ අතර එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා ඇත්තේ දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා රජයට උදව් කිරීමට කැමති බවය.

 

Last modified on Friday, 09 February 2024 10:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us