බැංකුවෙන් යැයි පවසා call එකක් ආවද ? පරිස්සමින් ! ඔබේ ගිණුමේ මුදල් අනතුරේ

Published in පුවත්
Thursday, 08 February 2024 11:33

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේ වනවිට එම වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටී.

තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර ඇත.

එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.

මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටන මෙම වංචනික කල්ලිය මේ වනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (07) රුපියල් 208,000ක මුදලක් ලබාගෙන ඇති අතර, උන්වහන්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි ආකාරයට දුරකථන මඟින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

මේ අතර මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහජන බැංකුවේ විවිධ බැංකුකරණ සේවාවන් ලබාදෙන බව පවසමින් සංවිධානය වූ කිසියම් වංචාකාරී කණ්ඩායමක් ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු ලබාගැනීමේ උත්සාහ කරමින් සිටින බවට වාර්තා වී ඇති බවය.

මහජන බැංකුව විසින් කිසිවිටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදුකිරීමට බැංකුව වෙනුවෙන් තෙවැනි පාර්ශවයක් යොදවන්නේ නැති බව ද එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OPT අංක වැනි පෞද්ගලික තොරතුරු වෙනත් තෙවැනි පාර්ශවයක් වෙත අනාවරණය නොකරන ලෙස ද මහජන බැංකුව ජනතාවට දැනුම් දෙයි.

 -P.M

Last modified on Thursday, 08 February 2024 11:38

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us