නිදහස වෙනුවෙන් රැඳවියන් 754 කට ජනපති සමාව Featured

Published in පුවත්
Sunday, 04 February 2024 11:03

76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් 754 දෙනෙකුට අද (04) විශේෂ රාජ්‍ය සමාව හිමිවේ.

එලෙස නිදහස හිමිවන පිරිස අතරට කාන්තා රැඳවියන් 25 දෙනෙකු ද ඇතුළත්.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ, දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම නියෝජනය වන ආකාරයෙන් එලෙස රැඳවියන්ට නිදහස හිමිවන බවයි.

මේ අතර මෙවර 76 වැනි නිදහස් දින උළෙල, ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී ඇත. ඒ, 'හදමු අලුත් රටක්' යන තේමාවෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුයේ, තායිලන්ත අග්‍රාමාත්‍යවරයායි.

මෙවර නිදහස් දින සැමරුම විචිත්‍රාංග රැසකින් සමන්විත වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us