විදුලි ගාස්තු අඩු කළ හැකි virtual LNG නල මාර්ගයක් ඉන්දියාවෙන්   Featured

Published in පුවත්
Sunday, 28 January 2024 10:07

මෙරට විදුලි ගාස්තු අඩු කර ගැනීමේ තවත් ක්‍රමවේදයක් වෙනුවෙන්  'අතථ්‍ය ද්‍රව ස්වභාවික වායු' (virtual LNG) නල මාර්ගයක් ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

“... ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩු කිරීම සඳහා කොචි සිට කොළඹ දක්වා අතථ්‍ය LNG නල මාර්ගයක් පිහිටුවීමට ද අපි කටයුතු කරමින් සිටිමු,” යැයි පසුගිය සිකුරාදා ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය සනිටුහන් කරමින් කොළඹ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පැවසීය.

(අතථ්‍ය LNG නල මාර්ගයක් යනු භෞතික නල මාර්ග සඳහා විකල්පයක් වන අතර, මුහුද, මාර්ග, දුම්රිය හෝ ඒවායේ සංයෝජනයක් වැනි විවිධ ක්‍රම හරහා LNG අපේක්ෂිත ගමනාන්තයට ප්‍රවාහනය කරයි. මුහුද හරහා ප්‍රවාහනයේදී ගෑස් ද්රවීකරණය කර නැවකින් රැගෙන යයි.)

එහිදී අදහස් දැක්වූ සන්තෝෂ් ජා, ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමට හැකි විදුලිබල ජාල සම්බන්ධක ව්‍යාපෘතියක් සහ ත්‍රිකුණාමලය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ මුලපිරීම ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ ප්‍රතිපත්ති මට්ටමේ ගිවිසුම්වලට පැමිණීමෙන් පසුව මෙම නවතම බලශක්ති සහයෝගීතා පියවර ගත් බව සඳහන් කරයි.

2022 වන විට ඩොලර් බිලියන 6 ක ද්විපාර්ශ්වික වෙළඳාමක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරු ඉන්දියාව බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා, “ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) ඉක්මනින් අවසන් කිරීම හරහා ආර්ථික හවුල්කාරිත්වය සහ ශ්‍රී ලංකාවේ අපනයන විභවය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

අද වන විට, මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ සංවර්ධන හවුල්කාරිත්වයන් සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 5 කට වඩා දායක වී ඇති බව ඔහු සඳහන් කළේය.

75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ධජය එසවීමේ උත්සවය සිකුරාදා ඉන්දියා හවුස්හිදී පැවැත්වුණු අතර පිළිගැනීමේ උත්සවය පසුවදා පැවැත්විණි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us