කුඩා ප්‍රමාණයේ වැව් හදන්න  රුපියල් මිලියන 1000ක් වෙන් කරයි

Published in පුවත්
Thursday, 25 January 2024 13:59

කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය සඳහා 2024 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පසුගිය වසරේ ද රුපියල් කෝටි 100 ක් වෙන් කළ අතර වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපීටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ඇතුළු වැව් රැසක් අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය.

වැව් අබලන්වීම නිසා අත්හැර දමා තිබූ කුඹුරු අක්කර ගණනාවක් මේ වන විට වගා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2024 යල් කන්නය ජලය සිදී ගිය පසු තවත් වැව් රාශියක් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට කටයුතු යොදා ඇතැයි ද වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ගොවිජන සංවිධානවල  අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර රජයට ආර්ථික ගැටළු තිබුනත් ගොවි ජනතාවට පහසුකම් සැලසීම සඳහා 2023 වසරේ දී රුපියල් මිලියන 3000ක් ලබා දුන්නාක් මෙන් 2024 වර්ෂය සඳහා ද මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  රුපියල් මිලියන 3000ක මුදලක් ලබා දුන් බව සඳහන් කළේය.

මෙම මුදල් යොදාගනිමින් මෙම වර්ෂය තුළ ද කුඩා පරිමාණ වැව් හා අමුණු රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us