ධීවරයින් 7දෙනෙකුට මරණ දඬුවම - සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් නඩු කියන්නත් කලින් මියගිහින්

Published in පුවත්
Wednesday, 24 January 2024 12:55

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් 'තේජාන්' නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුට අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් 2,008,500 බැගින් වූ දඩයක් ගෙවීමට ද නියම කළේය.

මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියම කළේය.

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us