දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවත් ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බවයි.