තෛපොංගල් වෙනුවෙන් ජනපති ඇතුළු නායකයින්ගෙන් සුබපැතුම්

Published in පුවත්
Monday, 15 January 2024 08:16

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය (15) අදයි .

ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී.

 

ජනාධිපතිගෙ සුබ පැතුම් පණිවුඩය

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බවය.

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවයි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

 

අගමැතිගේ සුබ පැතුම් පණිවුඩය

ස්වාභාවධර්මය සමග බැදි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දෙමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සුර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.

එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවද තෛපොංගල් දින පණිවුඩයෙන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයාගෙ සුබ පැතුම් පණිවුඩය

තෛපොංගල් දින පණිවුඩයක් යොමුකරමින් ස්වාභාවධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට එක්වන ලෙස සියලු ලෝකවාසී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබපැතුම් පණිවුඩයක් යොමුකරමින් සදහන් කර ඇත.

මේ අතර තෛපොංගල් දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

තෛයිපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවුවන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us