මේ වසරේ බදු ආදායම රු. ට්‍රිලියන 2ක් කරගන්න අලුත් වැඩක් Featured

Published in පුවත්
Sunday, 14 January 2024 12:41

බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු පරිපාලන) එම්.එස්.එම්. සියාන් පවසන්නේ බදු එකතු කිරීම සහ බදු පැහැර හැරීම් වැලැක්වීම දෙපාර්තමේන්තුවට ලැබෙන තොරතුරු මත රඳා පවතින බවත් එබැවින් බදු වංචාවෙන් වැළකීම සඳහා රටේ සියලුම ආයතන සම්බන්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවක් මතුව ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකාවට විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ආදායම් දේපාර්තමේන්තුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

“අපි ශ්‍රී ලංකාවට විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා. එම ක්‍රමය හඳුන්වා දුන් පසු බදු පැහැර හැරීම් වැනි සිද්ධීන් නවතිනවා. IRD ක්‍රියා කරන්නේ එයට ලැබෙන තොරතුරු මත ය; ගෙවන්නේ කවුද සහ නොගෙවන්නේ කවුද කියා අනාවැකි කීමට අංජනම් බැලීමේ හැයාවක් අපට නැත. අපට සිටින සේවකයින් 1,000 කින් පමණ අපට මුළු රටම නිරීක්ෂණය කළ නොහැක. ”ඔහු අවධාරණය කළේය.

මේ වන විට බදු එකතු කිරීම දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇති අතර, 2023 දී එකතු කරන ලද ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරයි. එය රු. බිලියන 900 ක් පමණ වේ. ඒ අතර, බදු ගෙවීමට බැඳී සිටින අයගේ බදු පැහැර හැරීම් 10-15% පමණ වන බවත් පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us