ගාසාවට උදව් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Published in පුවත්
Friday, 12 January 2024 14:17

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ඊයේ 11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගත යුතු බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

"ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය වන්නේ අරාබි රටවල් සමග සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමයි.
ඉතා ඉක්මණින් ලබන වසරේදී හෝ කසක්ස්තානයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට බලාපොරොත්තු වනවා. කාබුල් නුවර තිබූ තානාපති කාර්යාලය වෙනුවට පිහිටුවන එම තානාපති කාර්යාලය හරහා මධ්‍යම ආසියානු ජනරජ සමග අපට සම්බන්ධවන්න පුළුවන්."

"පලස්තීනය සහ ගාසා තීරය අතර දැනට පවතින යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා පැහැදිලියි. අපි සැමවිටම කියා තිබෙනවා කිසිවෙකුට ජාතියක් මුලිනුපුටා දැමීමට නොහැකි බව. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාර, ගාසා තීරයේ වසන සමස්ත ජනප්‍රජාව අතුගා දැමීම සඳහා නිදහසට කරුණක් ලෙස යොදාගත නොහැකියි."

"දැන් ගාසා තීරය මුළුමනින්ම පාහේ විනාශ කර තිබෙන්නේ. ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ඇතිවනු දැකීම අපට අවශ්‍යයි. ඒවගේම ගාසා තීරයට සහනාධාර යා යුතුයි. එවැනි සටන් විරාමයක් ඇතිවු විට ශ්‍රී ලංකාවේ අපත් හැකි අයුරින් ගාසා තීරයට සහනාධාර යැවීමට සූදානම්. අපට ඇති සීමිත සම්පත්වලින් වුවත් ගාසා තීරයේ එක් පාසලක් ඉදිකිරීමට අප සූදානම්."

"ඒ වගේම පලස්තීන බටහිර ඉවුරෙන් යුදෙව් පදිංචිකරුවන් ඉවත්කරගත යුතුයි. ඔවුන් කියනවා ගාසා තීරයේ හමාස් මුලිනුපුටා දමනවා කියලා. ඒ වගේම රතු මුහුද ආශ්‍රිත ප්‍රශ්නේදී නෞකා යැවීමේ ධාරිතාවක් අපට නැහැ. නාවික හමුදාව කියන්නේ ඔවුන් එහි යනවානම් යම් ආවරණයක් සහිතව යන බවයි."

"ඉන්දියන් සාගරයේ නෞකා ගමනාගමනයට නිදහස තිබුණොත් අපට ඒ සබඳතාව ගොඩනගාගත හැකියි. නමුත් මේ කාරණයේදී අපි අරාබි ලෝකය ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දක්වනවා."

යනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us