ජනාධිපතිවරණයේ 'ජාතික අපේක්ෂකයා' රනිල්, අනිත් අය කෝ? Featured

Published in පුවත්
Wednesday, 10 January 2024 10:56

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෙසු අපේක්ෂකයන් කවුද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත.

විපක්ෂ නායක සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාව ගැන කියවුණද පක්ෂ තවමත් ඒ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. එසේම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර කුමාර විය හැකි නමුත් එයද නිල වශයෙන් තවම ප්‍රකාශ කර නැත. පෙදු ජන පෙරමුණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා ව්‍යාපාරික ධම්මික පෙරේරා විශාල මහන්සියක් ගන්නා නමුදු පක්ෂය තවමක් එවැනි තීරණයක් ‌ගෙන නැත. මීට අමතරව සුළු කණ්ඩායම් විසින් අපේකෂකයන් ගනනාවක් ඉදිරිපත් වීමට නියමිත බවත් පෙනෙන්නට තිබේ.

එසේම ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී ජනාධිපතිවරයා විසින් සිය තීරණයට දන්වා තිබිණි. පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එජාප කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූයේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

-P.M

Last modified on Wednesday, 10 January 2024 10:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us