ඒ අනුව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
කෙසේ නමුත් මෙම ඉල්ලා අස්වීමට ආසන්න හේතුව නාලක ගොඩහේවා, ජීඇල් පීරිස්, ඩිලාන් පෙරේරා ආදීන් සජබයට එකකර ගැනීම පිළිබද පහුගියදා ඇතිවූ ගැටුම බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් චමින්ද විජේසිරි කලකිරීමෙන් සිටින බව ඔහු විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැහැදිලි වී තිබිණි.
එපමණක් නොව හර්ෂ, හර්ෂණ, ෆොන්සේකා, මද්දුම බණ්ඩාර වැනි බොහෝ දෙනෙකුගේ කලකිරීම ඉදිරියේදී ප්‍රකාශ වීමට නියමිතව ඇති බවත් දැන ගන්නට තිබේ.