පොත් තුන්දහහසක් ප්‍රතිලේඛනය කළ මහා පරිච්ජේදය දිවිසැරිය නිම කරයි

Published in පුවත්
Thursday, 04 January 2024 15:02

පොත් තුන්දහහසක් ප්‍රතිලේඛනය කළ ජයරණි ගුණතිලක මහත්මිය හදිසි රෝගාබාදයකට ගොදුරුවීමෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (3) දින රෝහලේදී මියගොස් තිබෙනවා.

උසස් පෙළ ඉහළින් සමත්ව ජනමාධ්‍ය කලාවට අවතීර්ණය වන ඇය 'සතර' ප්‍රධාන අධ්‍යාපනික පුවත්පත් වලින් අරඹන ගමන පසුකාලීනව රීවිර ජාතික පුවත්පතටද සම්බන්ධ වී පරිඝනක ලේඛිකාවක ලෙස වසර අටක් ඉමහත් සේවයක් ඉටු කරයි.

එතැනින් නොනවතින ඇයගේ ගමන් මග ජාතික අධ්‍යාපන ආයතනයෙ ගුරු අත් පොත් සංස්කරණයට ද ඉන් අනතුරුව මෙරට ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගම් කිහිපයකට සම්බන්ධවී කටයුතු කරන්නේ නිදහස් පරිඝනක ලේඛිකාවක ලෙසයි.

මියයන විට 47වැනි වියේ පසු වුණ ඇයගේ දේහය හෝමාගම ,පිටිපන උතුරු කොටසේ පදිංචි ඇයගේ නිවස තුළ තැම්පත් කර ඇත.

අවසන් කටයුතු හෙට එනම් සිකුරාදා (5) දින සිදු කිරීමට නියමිතයි.

''පොත් තුන්දහසකට එහායින් අකුරු කෙටූ ඒ සවිමත්, සුන්දර ඇඟිලිති මරණයෙන් දරදඬුව ගියේ ය, කියා ඇසුම, හිතවතුනි මට තව විශ්වාස කල නොහැක. අහම්බෙන් මේ දැන්, කවීෂ ලියා තිබූ සටහනක් මේ දැන් දුටුයෙන් එවන් අභාග්‍ය සිදුවීමක් සිදු වී ඇති බව දැන ගතියෙමි.

හිතවතුනි, මා අතින් පරිවර්තනය වූ පොත් දෙකෙහිම, පරිගණක අකුරුකරණය කෙරූයේ ඇයයි. ඔබ හැමට පෙර ඒ පොත් දෙකම මුලින් ම කියැවූයේ ඇයයි. කියවාගන්නට නොහැකි මා නොපැහැදිලි අතකුරු අකුරින් අකුර, වෙහෙසව කියවා, නොවෙසව සුන්දරව අකුරුකරණය කලේ ඇයයි.

ඇය ගේ හදීසි නික්ම යාම හිතවතුනි සත්තකින් දරාගත නොහැකිය!

යාබදව හිඳ, අවසාන අදියරෙහි, එහි අවසාන පිටු කිහිපය ඔබ අකුරුකරණය කරනයුරු, ඔබ අතින් ම හැදූ තේ කෝප්පයක් තොලගාමින් මා බලා හිඳියෙමි. යළි යළිදු කියවා මා ඉල්ලා සිටි නේක වෙනස්කම් අභිමුව ඔබ සියුමැලි ඇඟිලි යෝධ වේගයකින් අකුරුකරණය කළ හැටි මා ආශක්තව එදා බලා හිඳියෙමි. ඉදින්, ඒ අඟිලි අද මරණයෙන් දරදඬුය!

ජයසේන ජයකොඩි ශූරින් ගේ, චන්දන මෙන්ඩිස් මහතා ගේ සිට ආධුනික මා දක්වා සියක් කතුවරුන් ගේ අතකුරු කියැවූ දෙනෙත් සදාකාලිකව වැසී ගොසිනි.

අපි අවසාන වශයෙන්, දෙසැම්බර් විසිවැනිදා කතා කලෙමු. එදා කල බොහෝ කතා බහ අතරත, මා සුවදුක් විමැසීම් මිස, ඔබ යම් අපහසුවකින් පසුවන බැව් ඔබ මට නිසැකව ම කියා හිදියේ නැත! "ඉක්මණට ඊළඟ පොත කරමු ඩොක්ටර්" යැ කියා කී හැටි මතකය.

ඉතිං, ඒ පොත අකුරුකරණය ට ජයරාණි අක්කා අද ජීවතුම් අතර නැත. අනවරතව වෙහෙස වූ ඈ, අද සදාකාලිකවම විවේක ගෙන ඇත!!

ජයරාණි අක්කේ, මේ කියවන හැම එකෙකුම, අවමව, ඔබ අතින් අකුරුකරණය කළ එක පොතක් හෝ කියවා ඇති බව මම දනිමි. උන් හැමගේ සිතිවිලි පරම්පරා මේ සමඟ සිටගනිත්වා යි පතිමි!!

ජයරාණි අක්කෙ, ඔබ පැතු නිවීමක් වේ ද, ඒ එසේම ඉටුවේවා යි, හද අභ්‍යන්තර ඉපැදිය හැකි ගැඹුරුම සිතිවිල්ලක් වේ ද, ඒ අවදිකරවා පතන්නෙමි!!!

ඒ මහාර්ඝ පරිච්ජේදය නිමියේ ය! ''

( ඇය ගැන වෛද්යවරයෙක් මුහුණු පොතෙහි තැබූ සටහනකින් උපුටාගන්නා ලදී )

-P.M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us