ජනපති ඇතුළු නායකයන් ගෙන් නව වසරට සුබ පැතුම්

Published in පුවත්
Monday, 01 January 2024 08:59

උදාවු නව වසර වෙනුවෙන් සමස්ත ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බවයි.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ විදි දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බවත් සුබ පැතුම් පණිවුඩයේ සදහන් .

2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතයද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බවද එහි සදහන්.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු වන අතර එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවන බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ, නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට මෙම වසරේ දී අදිටන් කර ගත යුතු බවය.

එමෙන්ම ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව අප සියලුදෙනා එකාවන්ව කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි‍.

නව වසරේ දී රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත බැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රාහණයන්හී ඵල සාමකාමීව භුක්ති විදිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සියලුමදෙනා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, විපක්ෂය පසුගිය වසර තුළ සිදුකරගෙන ආ සේවාව අඛණ්ඩව 2024 නව වසරටත් ගෙන යන බවය.

මේ අතර නව වසර වෙනුවෙන් ආගමික නායකයින් ද ජනතාව වෙත සුබ පැතුම් පණිවුඩ එක් කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සඳහන් කළේ, නව වසරේ දී රටේ ජනතාව පත්ව ඇති පීඩනයෙන් මුදවා ගැනීම සඳහා රජය නිසි පියවර ගතයුතු බවය.

-P.M

Last modified on Monday, 01 January 2024 09:01

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us