අධික වර්ෂාව නිසා පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ඇරේ...

Published in පුවත්
Friday, 29 December 2023 13:00

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අද (29) උදෑසන 10ට විවෘත කෙරුණි.

ඊයේ පස්වරු 2 සිට මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණ ද මේ වන විට මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව, වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට, ගමන් පහසුව සලසා ගැනීම සඳහා කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය දෙසට විශේෂ දුම්රිය සේවාවක් පෙ.ව.10.30 සිට ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වෙයි.

තවද මඩකලපුව දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ ,ඇලහැර,බකමූණ,දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කළ හැකිය.

Last modified on Friday, 29 December 2023 13:12

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us