කෘතිම බුද්ධිය සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජයෙන් තීරණයක්

Published in පුවත්
Tuesday, 19 December 2023 12:04

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන නියෝජිතායතනයක් පිහිටුවා එහි කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට මෙමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.


එම ආයතන පිහිටුවීමේ අරමුණ නම් රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබාදීම ද, ආයෝජනයට උපදෙස් ලබාදීම සහ අධීක්ෂණය කිරීම බව ජනාධිපතිවයා පවසයි.


ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබාගැනීමටත් පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව රජය විසින්  මෙම තීරණය ගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us