ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 6.00 ට එම ඡන් විමසීම පැවැත්වේ.
පසුගිය නොවැම්බර් 13 වනදා 2024 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඉන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වුණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77කි