ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාවත්  

Published in පුවත්
Wednesday, 06 December 2023 10:36

ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස සනාථ කරමින් ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට යළිත් වරක් පත්ව ඇති බව වාර්තා වේ.

සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හෙළිවි තිබේ.

ඒ අනුව, එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමීනියන් ජනරජය සෙසු රටවල් වන බව වාර්තා වේ.

දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ අවධානය දිනාගත් රටක් වන අතර, ඊට අමතරව පරිසර අලංකරණය, දේශගුණික තත්ත්වය, වෙරළ, දියඇලි, වර්ණවත් සංස්කෘතිය, රසවත් ආහාරපාන මෙන්ම ආගන්තුක සත්කාර ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් බවට පත්ව ඇතැයි පෙන්වාදෙන ‘Travel off Path’ සඟරාව මෙම 2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රටක් බවට ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද කියා සිටී.

මීට කලකට පෙර පැවැති කලබලකාරී තත්ත්වය අවසන් කොට අද වන විට යහපත් තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් වී තිබෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අද වන විට අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් අමෙරිකාවෙන් පැමිණෙමින් සිටින බව එම සඟරාව පෙන්වා දෙයි.

ලෝක ප්‍රසිද්ධ දත්ත එකතු කරන්නන් වන SALT ඒජන්සියේ දත්ත හා ‘Travel off Path’ දත්ත එකතු කර මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර ‘Travel off Path’ සඟරාව මසකට මිලියන 6ක පමණ පිරිසක් විසින් කියවන බව ද එම සඟරාව අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන නිකුත් කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us