මහා මැතිවරණය පවත්වන දිනය Featured

Published in පුවත්
Tuesday, 05 December 2023 15:17

1981 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගයෙන් පසුව මැතිවරණය පැවැත්වීමට ගත වන කාලය පිළිබඳ දත්ත පාදක පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට මේ වන විට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට බලය ඇත.

උදාහරණයක් ලෙස, 2023 දෙසැම්බර් 18, 2024 ජනවාරි 2, පෙබරවාරි 2 හෝ මාර්තු 2 යන දිනවලින් එකක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රකාශයට පත් කරන්නේ නම්, නාම යෝජනා බාර ගැනීමේ දිනය සහ මැතිවරණ පැවැත්වීය හැකි ආසන්නතම දිනය හා දුරස්ථම දිනයන් වගුවේ දැක්වේ.

1. 2023 අය වැයට පසුව (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, පෙබරවාරි දෙවන සතියේ ද,

2. 2024 ජනවාරි 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, පෙබරවාරි අවසන් සතිය හෝ මාර්තු පළමු සතියේ ද,

3. 202 පෙබරවාරි 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, අප්‍රේල් පළමු සතියේ ද,

4. 2024 මාර්තු 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි පළමු සතියේ ද, මහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සිදු වනු ඇත.

ඉහත කාලයෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් බලාපොරොත්තු විය නොහැක්කේ 2024 ජූලි මස ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට නියමිත බැවිනි.

මහා මැතිවරණ දිනය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සඳහා ඉහත ගණනය කිරීම උපයෝගී කර ගත හැකිය.

ඉදිරි සති කිහිපය තුල දේශපාලන පක්ෂ කිහිපයක්ම මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට හෝ තමන් තරඟ කරන පෙරමුණු/සන්ධාන ප්‍රකාශය පත් කිරීමට නියමිතව ඇත. ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ ආසන 35 සිට 60 දක්වා ප්‍රමාණයක් ලබා ගන්නා පෙරමුණු හතරක් හෝ පහක් ද, ආසන 8 -12 ලබාගත හැකි පක්ෂ දෙකක් ද, ආසන 1 සිට 4 දක්වා ලබා ගත හැකි කණ්ඩායම් හතරක් පමණ ද ඊලඟ මහා මැතිවරණයකට අපේක්ෂකයින් ඉදිරිපත් කරනු ඇත. සන්ධානයකින් තොරව කිසිදු කණ්ඩායමකට මීලඟ පාර්ලිමේන්තුවේ අගමැති සහ කැබිනට් මණ්ඩලය පිහිටුවා ගැනීමට ඇති හැකියාව අවම ය.

ව්‍යවස්ථා සභාවේ එකඟතාවයක් ලබා ගත නොහැකිව ඇති බැවින්, මැතිවරණ කොමිෂන් සභාවේ පස්වන සාමාජිකයා පවමත් පත් කර ගැනීමට ද හැකිවී නැත.


- රජිත් කීර්ති තෙන්නකෝන්

election sri lanka

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us