මෙහෙම විපක්ෂ නායකවරයෙක් පාර්ලිමේන්තු ඉතිහාසේවත් නැහැ- අමරවීර Featured

Published in පුවත්
Monday, 27 November 2023 13:37

තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි විපක්ෂ නායකයෙක් දැක නැතැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබෙනවා.

අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩ වලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය නොදෙන බව අමාත්‍යවරයා පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බටඅත නව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ගොවින්ට කෘෂි උපකරණ ලබා දෙමින වැඩසටහනට එක්වෙමිනි.

කතානායකතුමා විපක්ෂ නායකවරයා තම බලතල අයථා ලෙස භාවිතා කිරීම පාලනය සඳහා පියවර ගත යුතුව ඇතැයි ද මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පවසා තිබේ.

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 -P.M

Last modified on Monday, 27 November 2023 15:03

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us