10 වසරට එන සාමාන්‍ය පෙළ විභාගය

Published in පුවත්
Wednesday, 22 November 2023 11:10

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා ඇත.

අද (22) පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ,

"අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඕනේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඕනේ තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ  Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා."  යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us