අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරය පැවසු අතර ,විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ තුළින් ද මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් එම ප්‍රමාණය ඉහළ දැමීමටද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මිල ඉහළ දැමීම මහා පරිමාණ මෝල් හිමියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන බවත් ඒ සඳහා ස්ථීර විසඳුමක් සැපයීම සඳහා අද කැබිනට් මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.
-P.M