වසරකට ළමා අපරාධ 5,000ක් මෙරටින් වාර්තා වෙයි!

Published in පුවත්
Monday, 20 November 2023 09:05

වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසයි.

 

මෙම අපරාධ සිද්ධීන් රැසකට හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම ජංගම දුරකථන අවභාවිතය වැනි කරුණු බව හෙතෙම පවසා සිටියේය.

 එමෙන්ම වසරකට දළ වශයෙන් ලංකාවේ 5,000ක් පමණ දරුවන් සම්බන්ධයෙන් අපරාධ වාර්තා වන බව මේ සංඛ්‍යා ලේඛනවල සඳහන් බවත්  රට තුළ උග්‍ර ලෙස පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර මෙම අපරාධ සම්බන්ධයෙන් බලපා ඇති බවයි ඔහු පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

‘‘ ලංකාවේ වැඩිම ජනගහණයක් ජීවත් වන පළාත ලෙස සැලකුවොත් බස්නාහිර පළාත කොළඹගම්පහකළුතර දිස්ත්‍රික්කය මේ තුනේ වාර්තා වන ළමුන් සම්බන්ධ වැරදි ගැන අපට අවබෝධයක් තියෙන නිසා අපි දන්නවා. ඒ වගේම බහුතරයක් සිද්ධිවලට බලපාලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය. මේ ජංගම දුරකථන භාවිතය අද වෙද්දි ළමයින්ව ළමා අපයෝජනයවලට යොමු කරවන භයානක අවියක් බවට පත්වෙලා. ලංකාවේ ළමා අපයෝජන අඩු කරන්න අපි උත්සාහයක් දරනවා නම් අනිවාර්යයනේම ජංගම දුරකථන භාවිතය ගැන නියාමනයක් දෙමාපියන් විසින්ම ගෙදරදී කළ යුතුයි.” යනුවෙනි.

RS

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us