අයවැය ගැන මැතිසබයේ අදහස් Featured

Published in පුවත්
Tuesday, 14 November 2023 09:23

අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

අය-වැයේ ඇති සහාය දැක්විය හැකි සියලු යෝජනාවලට තම පක්ෂය සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

අය-වැය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මිස එකවර කිසිවක් කිව නොහැකි බවත් අය-වැය සම්බන්ධයෙන් පක්ෂයේ මතය මේ මොහොතේ කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය සාකච්ඡා කළ යුතු බවත් හෙතෙම පවසා තිබේ.

අය-වැය සම්බන්ධයෙන් තමාගෙන් අදහස් විමසීමක් නොකළ බව පැවැසූ මහින්ද රාජපක්ෂ පක්ෂයේ අය සහභාගි වූයේ දැයි තමන් නොදන්නා බව ද පැවැසීය.

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැති බවත් ,අය-වැයේ මුල් කොටස පාපෝච්ඡාරණයකින් සමන්විත වූ බවත් එමඟින් අවුරුදු 75ක කාලයක් කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත්වී ලබාගත් ප්‍රතිඵලය ගැන කතා කළ බවත් අනුරකුමාර පවසා තිබේ.

එයින් මිදීමට අවශ්‍ය බව කියමින් නැවතත් යෝජනා කර ඇත්තේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම සහ විකිණීම යන පැරණි ක්‍රියාවලියම බව ද ඔහු කියා සිටියේය.

 

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් ,ඉතාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගතකරණවලට රට ලක් කරන්න ඕනෑ බවත් මන්ත්‍රී වරයා පවසයි.

''රට ගැට ගහලා තියෙන ලණු චේන් කඩන්න ඕනෑ. මෙතන වැඩි හරියක් ඒ කියන්නේ සියයට 90ක් ඉන්නේ පුද්ගලික අංශයේ අයයි. ඒ අයට දාහදාහකින් හරි වැඩි කර ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ අය-වැය කතාවෙන් ලබන වසරේ ඡන්දයක් පැවැත්වෙන බව ස්ථිර වශයෙන්ම දැන ගත්තා'' යැයිද හෙතෙම පවසා ඇත.

 

ස.ජ.බ .පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව මන්ත්‍රී රාජිත ගේ අදහසයි .

"මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට යෝජනා නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන එක. අවසානයේ දී අවුරුද්ද අන්තිම වෙද්දි මේවා කොපමණ දුරට ක්‍රියාත්මක වෙනවා ද කියන එක තමා වැදගත්. ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්. මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ අදහසයි.

"සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්" යැයිද ඔහු සඳහන් කළේය.

 

-P.M

Last modified on Tuesday, 14 November 2023 09:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us