නිවේදනයේ සඳහන් පරිදි අමාත්‍යංශය පෙන්වාදෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුව ද මෙතෙක් ඉන් ලාබ ඉපැයීමක් සිදුව නොමැති බවයි.
එබැවින් වරායෙන් ආදායම ලබාගැනීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලගේ අවධානය යොමුව තිබෙන බවත් හම්බන්තොට වරාය තුළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන්නේ විශේෂයෙන් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන් හම්බන්තොට හා කොළඹ වරායන් වෙත ආකර්ශනය කරගැනීමට සක්‍රිය වැඩපිළිවෙළක් හඳුන්වාදීමය.
RS