‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් වලට අදායම් බද්දක් !

Published in පුවත්
Wednesday, 08 November 2023 20:23

නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒ අනුව මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම පසුගිය මාස තුනේ සීනි ආනයනයට අදාළ අත්‍යවශ්‍ය දත්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමත් සමඟ තත්ත්වයේ බරපතලකම පැහැදිලි වීමෙන් අනතුරුව කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම බදු වැඩිකිරීමේ සැක සහිත කාලය සහ බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඇතැම් සමාගම් විසින් සීනි ආනයනය ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ බදු වැඩි කිරීම IMF මුලපිරීමකට සම්බන්ධ මූල්‍ය පදනම් කරගත් ආදායම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි.

තවද, සීනි ආනයනය හදිසියේ වැඩිවීම උත්සවකාල වකවානු හේතුවෙන් සිදුවන බව ඔවුහු අවධාරණය කර ඇත.

මෙම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා පෙර වසරවල විස්තීර්ණ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කමිටුව පැමිණ සිටි නිලධාරින් හට අවධාරණය කරන ලදී.

එවැනි දැවැන්ත ආනයනවල අවශ්‍යතාවය සනාථ කරන නිශ්චිත සාක්ෂි නොමැතිව අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන විශේෂිත සමාගම් පිළිබඳව කමිටුව අනතුරු අඟවනු ලබා තිබේ.

සාමාන්‍යයෙන් මාසිකව සීනි මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කරන සමාගමක් බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කළේ, බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා 200 ගුණයකින් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලාභයක් ලබා ගනිමිනි.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට අදාළ ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ භාවිතය අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙලෙස කටයුතු කිරීමට හැකිවීම තුළ බදු අනුපාත වෙනස් කිරීමට හෝ විශේෂිත සමාගම් සඳහා බදු නිදහස් කිරීම් ලබා දීමට මුදල් අමාත්‍යවරයාට නොමැති බලයක් ලබා දෙනවා බවද ඔහු පෙන්වාදෙන ලදී.

මෙම දුෂණය තත්ත්වයන් තව තවත් වර්ධනයවීම හේතුවෙන් මෙම ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් IMF විසින් ඔවුන්ගේ විමර්ශන වාර්තාවලද කරුණු දක්වා ඇති බව කමිටුව පැවසුවේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us