ඌව පරණගම , කතරගම මැතිවරණ ගැටුම්

Published in පුවත්
Thursday, 21 August 2014 15:27
ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. 
 ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස  මහතා ට අයත් එළවළු වෙළදසලක කොටසකය.  එජාප කාර්යාලයේ පරිහරණය සදහා යොදාගත් ත්‍රිරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා ඇත.  
 
ප්‍රහාරයෙන් වෙළදසැලට සහ ත්‍රි රෝද රථයට අලාභ සිදුවී තිබේ. මෙම ප්‍රහාරයෙන් UP WG 4629  දරණ  ත්‍රි රෝද රථය භාවිතයට ගත නොහැකි තරමටම විනාශ වී තිබේ. 
 
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර මහතා පවසන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ඒ.එම්.බුද්ධදාස මහතා ගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවය.
 
 කන්නංගර මහතා කැෆේ සංවිධානය වෙත යොමු කළ පැමිණිල්ලේ දැක්වේන්නේ ' එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ගේ සහභාගීත්වයෙන් අප මෙම ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වූවා. එයින් පසුව එම රැස්වීම සංවිධානය කළ අයට රාත්‍රි කාළයේ ජීප් රථ වලින් පැමිණෙන කණ්ඩායම් තර්ජනය කරනවා' යනුවෙනි. 
 
මේ අතර ඌව පළාත් සභාවට  මොණරාගල දිස්ත්රිහක්කයෙන් තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක  වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21) අළුයම 2.00 ට පමණ මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති අතර ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු  කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.
 
පළාත් සභා මැතිවරණය ආරම්භවීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇත. හාලිඇල  ප්‍රදේශයෙන් 2 ක්ල මහියංගනය 1 ක් සහ ඌව පරණගම එකක් ලෙස මෙම සිදුවීම් වාර්තා වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති අතර ඒ වැල්ලවාය හදපානාගල එක් ප්‍රචණ්ඩක්‍රියාවක්  සහ කතරගමින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී ඇත.
Displaying galahamuwa (2).jpg
Displaying galahamuwa (4).jpg
Displaying galahamuwa (1).jpg

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us