පාසැල් වියදම් අයකිරීම් ගාස්තු 50% කින් ඉහළට !

Published in පුවත්
Saturday, 04 November 2023 09:58

වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානින් ප්‍රකාශ කර තිබේ.

වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින් එම මුදල් දෙමාපියන්ගෙන් අය කර ගැනීමට සිදුවන බවත් විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදලද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහුන් සදහන් කර ඇත.

මීට අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද පවසන පාසල් ප්‍රධානීහු ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට බවයි පවසන්නේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us