දුෂිතයන් දේශපාලනයට ඇවිත් හමාරයි ! මෙන්න අලුත්ම නීති ඇතුළත් ජනපති කොමිසම .

Published in පුවත්
Saturday, 04 November 2023 09:01

අපරාධවලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ප්‍රවිෂ්ට වීම වැළැක්වීම, ජන්ද දායකයන් වෙත දේශපාලන පක්ෂවල විනිවිද භාවය සහ වගවීම තහවුරු කර එමඟින් ඒ කෙරෙහි ජනතා විශ්වාසය නැවත ඇති කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සලකා බලා පවත්නා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පෙරේදා (2) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව මේම කොමිෂන් සභාවට පැවරී ඇති රාජකාරීන් වන්නේ,

*පවත්නා මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම .

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීතිරීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම.

* කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම.

*මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩුකිරීම.

* ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම.

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

එමෙන්ම යෝජිත ව්‍යවස්ථාව ද ඇතුළත්ව පහත කරුණු පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීම ද මේ කොමිසමට පැවරේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයද ඇතුලත්ව ගෝලීය වශයෙන් පිළිගත් සංවිධාන ගණනාවක් විසින් දේශපාලන පක්ෂවල විනිවිදභාවය සහ වගවීම සඳහා නිර්ණායක ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.

මැතිවරණද ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරයන්හි මූල්‍ය පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යෑම, දේශපාලනය තුළ මුදලෙහි භූමිකාව සහ ප්‍රතිපත්ති ග්‍රහණයට ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් අවධානයකට ලක් කර තිබෙන අතර, අපරාධවලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ඇතුළු වීම, ස්ථාවර දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන පරිදි කෙටි කාලීන දේශපාලනික පෙරමුණු ආදේශ වෙමින් පැවතීම ද කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබේ. කොමිෂන් සභා වර්තාව මාස 6ක් තුළ භාර දීමට නියමිතය.

 

P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us