ඇමති සරත් කියන කුඩු රජා ලන්සා ද?

Published in පුවත්
Thursday, 21 August 2014 14:32

පසුගිය කාලය පුරා මීගමුව ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළබඳ සති අන්ත පුවත් පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සකච්ඡාවේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න දැක්වූ අදහස් වලින් උපුටාගත් කොටස් පහත පළවේ.

''මේක අද ඊයෙක නෙවෙයි වසර ගණනාවක ඉදලා ක්‍රියාත්මක වෙනවා. මං ඒ වාර්තාත් එක්ක අදාළ ඉහළ තැන්වලට දැනුම් දී තියෙනවා. නමුත් මට තේරෙන්නෑ ඇයි මේ මොනවත් නොවෙන්නේ කියලා. මිනිස්සු කියනවා ඉහළ පෙළේ උදවියගේ සහාය නිසායි මෙහෙම වෙන්නේ කියලා. මේ වැඩවලට මුළු මීගමුවම විරුද්ධයි. නමුත් යම් යම් අයගේ ක්‍රියා නිසා මිනිස්සු බයේ ඉන්නේ. එක ප්‍රදේශයක් තියනවා ඒ ප්‍රදේශය මේ කියන දේශපානය ගෝලයන්ගේ බලකොටුවක් වගේ. සමහරු කියන්නේ එයාට ගෝඩ් ෆදර් කියලයි.''

''පක්ෂෙ බළධාරීන්ට, ආරක්ෂක අංශවලට මා දැනුම් දී තිබෙනවා. රහස් පොලිසියක්, විශේෂ පොලිස් ඒකක තියෙනවා මේ ගැන හොයලා බලන් එපායැ. පොඩි මිනිහෙක් අරගෙන ගිහින් කූඩුවට දාන එක නෙවෙයි කරන්න ඕන. ලොකු බියක් තියනවා යම් යම් පුද්ගලයන්ට ඉහළ දේශපාලන අධිකාරියේ උදව් තියනවද කියලා. මොකද ඔවුන් කතා කරන්නේ අපි ගරු කළ යුතු පුද්ගලයන්ගේ නම් කියලා. ඉතින් පොලිසියත් බය වෙනවා ඇති. අද සමහර දේශපාලනඥයෝ ප්‍රකෝටිපතියන් වෙලා. බයිසිකලෙන් ආපු සමහරු කෝටිපතියන් වෙලා. මීගමුවට විතරක් නෙවෙයි මං දකිනවා මුළු ලංකාවෙම ගොඩක් තැන්වල මේක තියනවා කියලා. මට දැන් මේවා කියන්න වෙලා තියනවා. මේවා නොකීවොත් මටයි චෝදනා එන්නේ.''

''මේ විදියට ගියොත් මීගමුව කුඩු පුරයක් බවට පත්වෙයි. බොහෝ පිරිස් මේවා ගැන අපිට පැමිණිලි කරනවා. මේවා අල්ලන්න බැරිකමක් නැහැනේ. මුළු තරුණ පරම්පරාවම විනාශ වේවි මෙහෙම ගියොත්. මීගමුව හඳුන්වන්නේ පුංචි රෝමය කියලා. ටික දවසක් ගියාම මිනිස්සු පාරට බහීවි.  පුංචි රෝමය කියන කතෝලික පුරවරය මේ විදියට විනාශ වුණාම මොකද වෙන්නේ?''

 

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us