ෂාෆ්ටර් මරණය අපරාධයක් බව හෙළිවේ ! ඝාතනය සිදුවී ඇති අයුරුත් හෙළිවේ ! Featured

Published in පුවත්
Wednesday, 01 November 2023 20:49

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

මෙම සිද්ධිය පිළිබද සිදුකරන ලද විශේෂඥ පර්යේෂණ ඇතුළු කරුණු සළකා බැලීම තුළින් මෙහිදී අපරාධයක් සිදු වී ඇතැයි මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය තීන්දු කරනු ලැබුවාය.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත. ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාර දුන් අතර, අනතුරුව මහේස්ත්‍රාත්වරිය අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බව මසේත්‍රාත්වරිය සඳහන් කරයි.

එම කමිටුවේ සාමාජිකයන් ගේ මතය 04ට 01ක් ලෙස සඳහන් ව තිබූ බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.

ඒ අනුව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහු ගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.

ඒ අනුව හෘදය වස්තුව අකර්මණ්‍ය වීම සයිනයිඩ් ශරීරගත වීමෙන් සිදු ව නොමැති බවට කමිටුව නිගමනය කර තිබේ.

අනතුරු ව ෂාෆ්ටර් මහතා ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් ෂාෆ්ටර් මහතා ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව කමිටු වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙය ස්වාභාවික මරණයක් නොව තුන් වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මරණයක් බවත් ශරීරයට ඔක්සිජන් අඩු වීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවත් කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මෙම මස 04 වැනිදා ජාවත්ත සුසාන භූමියේ දී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසත්, මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කරනු ලැබුවාය.

දේහය අදාළ සුසාන භූමිය දක්වා ගෙනවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බොරැල්ල පොලීසියට එහි දී නියෝග කළේය. අදාළ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතා ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකු දේහය භූමිදානය කරන ස්ථානයේ රැඳී සිටිය යුතු බවට ද අධිකරණය එහි දී නියම කළා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාමට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රකාශයට පත් කිරීමට පෙර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවට තොරතුරු වාර්තා වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us