නතර වූ සියලු ව්‍යාපෘති ලබන ජනවාරියේ සිට !

Published in පුවත්
Wednesday, 01 November 2023 09:47

දැනට නතර වී ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දැනට මහා පරිමාණ වශයෙන් කුමන ස්ථානයක හෝ පාරවල් ඉදි නොවන බව පැවසූ ඒ මහතා ගංවතුර හා වෙනත් ස්වාභාවික ආපදා හේතුවෙන් ඉතා විශාල වශයෙන් අබලන් වූ ස්ථානවල ඉතා කුඩා පැලැස්තරයක් දැමීමට පමණක් විශේෂ කැබිනට් පත්‍රිකාවකින් කුඩා මුදලක් සොයාගෙන පවත්වාගෙන යන බවද කියා සිටියේය.

මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ලබන අයවැය ලේඛනයට ඉදිරිපත් කර ඇති බවත් මේ සෑම පාරකටම මූල්‍ය ප්‍රතිපාදන වැඩි ප්‍රමාණයක් ඉතිහාසය පුරා දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් බවත් හෙතෙම පැවසීය.

මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සියලු ගෙවීම් නතර කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන තෙක් පාරවල් මාර්ග සම්පූර්ණයෙන්ම අබලන්ව ගියද ආසියානු සංවර්ධන බැංකුව මුදල් නොදෙන බව පැවසූ ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබී මේ වසර තුළ කෙසේ හෝ විදේශ ණය ප්‍රතිව්‍යූහගත වන බවට රජය වශයෙන් ස්ථිර ලෙස විශ්වාස කරන බවද අවධාරණය කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us