ඉදිරි අයවැයෙන් ගොවීන්ට සහන !

Published in පුවත්
Monday, 30 October 2023 10:31

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර පවසයි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.රටේ මූල්‍ය තත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබා දීම ගැන අවධානය යොමු කරලා තියෙනවා යැයි පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us