ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් ප්‍රාණඇපකරුවන් 50ක් මරුට ! Featured

Published in පුවත්
Friday, 27 October 2023 12:51

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.

හමාස් සංවිධානයේ "Al-Qassam" බ්‍රිගේඩය ඒ බව වාර්තා කළේය.

නමුත් අමෙරිකානු බාධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි.

ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කළේය.

ඒ අතර දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් වෙයි. එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි සඳහන් වෙයි.

ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට හමාස් සංවිධානය පසුගිය දිනවල කටයුතු කළේය.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ඔක්තෝම්බර් 7 දින එල්ල කර ප්‍රහාරයෙන් ඊශ්‍රායෙල් වැසියන් හා ලොව රටවල් 30 ජාතිකයින් මරණයට පත් වූ අතර එසේම විශාල පිරිසක් තුවාල ලද අතර හමාස් ත්‍රස්තවාදීන් 200 ආසන්න ඊශ්‍රායෙල් වැසියන් හා විදෙස් ජාතිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගසා තිරයට රැගෙන ගොස් රදවා ගෙන සිටිති ..

ඔක්තෝම්බර් මස රාත්‍රී සිට ඊශ්‍රායලය විසින් නොකඩවා ගුවන් හා කාල තුවක්කු ප්‍රහාර ගොඩබිමේ සිට ගසා තිරයට එල්ල කරන අතර ඊශ්‍රායෙල් ගුවන් හමුදාව ඊයේ දින නිවේදනය කලේ තම ජෙට් යානා විසින් ඊයේ දින හමාස් ඉලක්ක හා භූගත උමං මාර්ග ඉලක්ක කරමින් සාර්ථක ප්‍රහාර 400ක් ඊයේ දින එල්ල කල බවත් ඉන් හමාස් සංවිධානයේ ඉහල පෙලේ නායකයින් කීප දෙනෙකු තවත් සාමජිකයින් හා භූගත උමං මාර්ගද විනශ කිරීමට සමත් වූ බවයි ...
එහෙත් පලස්තීන සෞඛ්‍ය අංශ නිවේදනය කලේ ඊයේ දින ඊශ්‍රායෙල් විසින් සිදුකල ප්‍රහාර වලින් කුඩා දරුවන් කාන්තාවන් ඇතුළුව 700 පමණ මරණයට පත් වූ බවයි .. එසේම ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ මේ වනවිට ගසා තිරයේ වැසියන් 5 791 මරණයට පත්වී ඇති බවයි , ඒ අතර කුඩා දරුවන් හා සාමාජිකයින්ද සිටින බවට පවුන් වාර්තා කරයි ..

ඊශ්‍රායලය ගසා තිරයට සීමිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළුවීමට ඉඩ ලබා දුන්නත් ඉන්ධන සැපයුම සම්පුර්ණයෙන් අවහිර කර ඇති නිසා සෞඛ්‍ය අංශ පවසන්නේ විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකිව රෝහල් 32 කින් දැනට 12 සම්පුර්ණයෙන් වැසි ගොස් ඇතිබවත් පවත්වා ගෙන යන රෝහල් ද අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සදහා පමනක් සීමිත ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරන බවයි ....

 

-P.M

Last modified on Friday, 27 October 2023 12:52

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us