දරිද්‍රතාවය තුරන් කිරීමේදී චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් - අගමැති

Published in පුවත්
Wednesday, 25 October 2023 19:10

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ උප සභාපති ලියු වෙන්කුයි (Liu Wenkui) අතර හමුවක් අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැවූ අවස්ථාවේදීය.

“ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රයත්නයන් සඳහා චීනය ලබා දෙන විශාල දායකත්වයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බීජිං සංචාරයේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බවට ෂී. ජින්පින්ග් (Xi Jinping ) ජනාධිපතිවරයා ලබාදුන් සහතිකය පිළීබඳව අග්‍රාමාත්‍යවරයා චීනයට කෘතඥතාව පළ කළේය.

ලියු වෙන්කුයි (Liu Wenkui) මහතා පැවසුවේ තම පදනමට ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බැවින්, ස්වයංපෝෂිතභාවය, ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සහ අපනයන ඉහළ නැංවීම යන බහුවිධ ඉලක්ක සඳහා ග්‍රාමීය ඵලදායිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සහාය විය හැකි බවයි.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනම දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාමීය පාසල්වල ප්‍රාථමික පාසල් දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් ලබාදෙන බව ඒ මහතා සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us