මත්ද්‍රව්‍ය වටලන්න අලුත් බලඅධිකාරියක්

Published in පුවත්
Wednesday, 25 October 2023 16:33

විදෙස් රටවලින් මෙරටට නීති විරෝධීව රැගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී බලඅධිකාරියක්' ( Anti-Narcotic Command) ස්ථාපිත කිරීමට පියවර ගන්න බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බවත් සාගල රත්නායක මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ අවස්ථාවේ දී එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක මහතා, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඇති බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

හෙරොයින් කිලෝ 200 ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයටත් මා පළමුවෙන්ම සුබ පතනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය‍ කර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලෝකය පුරා විශාල ජාලයක් ලෙස පැතිර තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුරෙන් සිය ජනතාව බේරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාව, පොලිසිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා. මේ වැටලීම් සිදුකර අත්අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇතුල් වන මත්ද්‍රව්‍යවලින් 65% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 35%ක ප්‍රමාණය රටට රැගෙන එනු ලබනවා.

දැනට තිබෙන තොරුතුරුවලට අනුව විශාල නෞකාවලින් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම මත්ද්‍රව්‍ය තොග ගෙනැවිත් කුඩා බෝට්ටු භාවිතා කරමින් රට තුලට ගෙන එනු ලබනවා. මත්ද්‍රව්‍ය ජාලය විශාල ලෙස පැතිර තිබෙනවා.

‍අනෙක් කරුණ වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ආයුධ වෙ‍ෙළඳාමත් සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. එය ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ නව නීති ගෙන ඒමට අවශ්‍යයි. මේ වන විට මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව නීති සකස් කරමින් සිටිනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us