ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති මෙම වෘත්තීය සමිති නියෝජිත හමුවේදී ඉදිරියේදී වැටුප රු. 10,000 කින් වැඩිකර ගත යුතු බවට යෝජනා විය.
මෙම නියෝජිත හමුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , සමාජවාදී වතු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ, රජයේ එක්සත් කළමණාකාරණ සේවා සංගමයේ ලේකම් පී.ඞී. සරණපාල, රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්, ලංකා වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් යූ.ඞී. පෙරේරා යන වෘත්තීය සමිති නායකයින් සහභාගී වීය.
එමෙන්ම මෙම අවස්ථාව සඳහා කතෝලික ගුරු සංගමය, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය, දේශීය ආදායම් පොදු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයන්ද සහභාගී විය.