විදුලි වාහන මගඩිය ගැන විශේෂ පරීක්ෂණක්.. වාහන කිහිපයක් වහා ම රේගු භාරයටත් ගනී.  

Published in පුවත්
Monday, 23 October 2023 16:07

විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා ලබා දී තිබූ විදුලි වාහන ගෙන්වීමේ බලපත්‍ර අව භාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් රේගු භාරගයට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අලෙවි කළ බවට සැක කෙරෙනව වාහන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ඉන් 75ක් ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇත. මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමියකන්ගේ මුදල්වලින් ද යන කරුණු හතර ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව සියඹලාපිටිය මහතා පවසයි.

මේ අතර මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව අමාත්‍යවරයා පැවැසීය. ඒ තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිග බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි. එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us