ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට ඩොලර් 10,000 ක් !

Published in පුවත්
Thursday, 19 October 2023 09:06

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.

මෙම මුදල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සැපයිම උදෙසා ලබාදී ඇත.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේ වන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන ඇති බවද සඳහන්ය.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත්, අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂික ආධාර හෙට (20) වනවිට යැවීමට හැකි වෙතැයි අමෙරිකාව පවසයි. ඊජිප්තු බලධාරීන් 'රෆා' පිවිසුම විවෘත කිරීමට එකඟ වූ බව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසා තිබේ.

මීට දින 13කට පමණ පෙර හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ ජනපද කිහිපයකට පහර දුන් අතර, එහි දී විශාල පිරිසක් ඝාතනය කර තිබිණි. අනතුරු ව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.

මේ වනවිට දෙපාර්ශවයේ 5,000ට අධික පිරිසක් මියගොස් තිබේ. එසේම හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණඇපකරුවන් ලෙස 200ක පමණ පිරිසක් රඳවා ගෙන සිටින බව සඳහන්ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us