විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න තේමා කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවසන් එකඟතාවකට එළඹි බව එහි සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
පෙරේදා (19දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැස්වූ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව මේ මස 26 වැනිදින මහනුවර නගරයෙන් ආරම්භ වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකින් පසුව දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන අයුරින් සම්මන්ත්‍රණ පැවැත්වීමටත්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ධීවර, ගොවි, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සියලුම සංවිධාන සමග කඩිනමින් සාකච්ඡා කිරීමටත් තීරණය කළ බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
බෙදී, වෙන් වී, වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග පොදු එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡා කළ බවද උන්වහන්සේ කීහ.
පොදු අපේක්ෂකයෙකු සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් එකඟතාවකට පැමිණෙයි
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...