පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු 6දෙනෙකු යළි රිමාන්ඩ් !

Published in පුවත්
Tuesday, 17 October 2023 11:55

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන තිබෙන අය ඇතුළු සැකකරුවන් හය දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (16) නියෝග කළේය.

මොවුන් අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ බව කියන ශ්‍රී ලාංකීය කෝටිපති ව්‍යාපාරික අහමඩ් ලුක්මාන් තාලිිබ් සමඟ සබඳතා පැවැත්වූ බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව කරුණු අනාවරණය වන බව ජාත්‍යන්තර පොලිසිය කරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනාගෙන් තිදෙනකු පැය 72ක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීමට එම ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අහමඩ් ලුක්මාන් තාලිබ් 2021 වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු දැනට ඔස්ට්‍රේලියානු රජයේ අත්අඩංගුවේ පසුවෙයි.

අහමඩ් ලුක්මාන් අල්කයිඩා සංවිධානය වෙනුවෙන් මුදල් ඉපයීමේදී ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන මැණික් සමාගමක් වන රයිට් ජෙම්ස් සමාගමේ ප්‍රධාන හවුල්කරු ලෙසද කටයුතු කර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය . ඒ අනුව ලුක්මාන් තාලිිබ් අල්කයිඩා සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ බවට චෝදනා කරමින් අමෙරිකා එක්සත් ජනපදය ඔහුට 2020 වසරේදී සම්බාධක පැනවිය.

මොහු සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී දුරකථන ඇමතුම් 700ක් සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු සෙසු සැකකරුවන් මොහු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය වී ඇති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවට ද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.

 

-P.M

Last modified on Tuesday, 17 October 2023 12:38

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us