අතුරුදන් දෙදෙනා සොයන්නට ගිය ශ්‍රි ලංකා තානාපතිව ඊශ්‍රායලයෙන් හරවා යවයි !

Published in පුවත්
Thursday, 12 October 2023 10:07

ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලට මැදි ව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාරට පවතින වාතාවරණය හමුවේ ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව එම සංචාරය නතර කිරීමට සිදු ව තිබේන බව වාර්තා වේ.

ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වීමත සමග ඔවුන් පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (11) දිනයේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඇතුළු නියෝජිතයන් බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

කෙසේ වෙතත් එම ප්‍රදේශයට යළිත් ප්‍රාහාර එල්ල වීම හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දීමක් සිදු කළ බව තානාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බව තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us